රුක්අත්තන මල මුදුනේ... ruk aththana mala mudune
රුක් අත්තන මල මුදුනේ.......... මහින්ද අල්ගම හරුප පැහැය : මහින්ද අල්ගම නාද පැහැය : නන්දා මාලනී හඬ පැහැය : නන්දා මාලනී රුක් අත්තන මල මුදුනේ - බඹරු නටන හැන්දෑවේ සැඳෑ අඳුර පියමං කර කවුරුද එන්නේ - පුතුනි බලන් යොමා නුවන් කවුරුද එන්නේ............. මුතු පිනි දැල් සැලෙන උදේ - උදා දිමුතු හිරු එළියේ පුතු සවනට රහස් කියා - පියමං කරලා.................. අප වෙනුවෙන් දවස ගෙවා වෙහෙසී එන්නේ.................. පතොක් වැටිය උඩින් වැටී - දිවයුරු මියයන මොහොතේ පුරා හඳක් සේ ඈතින් - කවුරුද එන්නේ......................... පුතුනි බලන් යොමා නුවන් කවුරුද එන්නේ.... මහින්ද අල්ගම සූරින් විසින් රචිත විශාරද නන්දාමාලිනීයන්ගේ ලයාන්විත හඬෙන් අලංකාරවු මේම ගිතය මම ඉතාමත් ප්‍රිය කරන ගී කීපය අතරින් එකකි... රුක් අත්තන මල් පිපෙන්නේ සැන්දෑ කාලයේය..එහි සුවඳ මටනම් සිත් කුල්මත් සමත් සුවදකි...මෙහි කතානායිකාවද එම සුවද ප්‍රිය කරන්නෙකි..එම සුවඳ මුසුව සැදෑ කලුවර පැමින ඇත...ඇයගේ හිත ඉල්ලන්නේ තම පෙම්බරයාගේ ආගමනයයි...මෙහි පුංචි දරුවාට පියා දැකිමට ඇති ඕනා...